හොර පාරෙන් රට යන්න හැදූ 20ක් හසුවෙයි -කාන්තාවන් රැසක් ඒ අතර

හොර පාරෙන් රට යන්න හැදූ 20ක් හසුවෙයි -කාන්තාවන් රැසක් ඒ අතර
මන්නාරම සිලාවතුර කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට පැනයාමට උත්සාහ කළ පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
ඔවුන් පිරිස ත්‍රිරෝද රථ 04 කින් බඩු බාහිරාදිය  ද රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ අය අතර පිරිමි පුද්ගලයින් 15ක්, ගැහැණු  දරුවන් ඇතුළුව කාන්තාවන් 05ක් සිටි බවයි නාවික හමුදාව සඳහන්කර ඇත්තේ.
 

ඔවුන් මුලතිව් , යාපනය, මන්නාරම, වාලච්චේන, වත්තල, පුත්තලම යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.