ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් අක්‍රමවත් ලෙස රැකියා සඳහා ඕමානයට ඇතුළුවිම වැළැක්වීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, එරට විදේශ ගමන් බලපත්‍ර හා නේවාසිකයින් පිළිබඳ අධ්‍යක්ෂක ජනරාල් කාර්යාලය සමග එක්වෙමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර, මෙම ක්‍රමවේදය 2020.10.01 දින සිට ක්‍රියාත්මක වේ.
නව ක්‍රියාපටිපාටියට අනුව, ඕමානහි විදේශ ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සහ රාජකීය ඕමාන් පොලිසිය, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ, එරට රැකියා නියෝජිත ආයතන හෝ තනි අනුග්‍රාහකයන්ට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” ඉදිරිපත් කරන්නේ නම් පමණි.
එමෙන්ම, මේ සඳහා එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුවද ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීම සඳහා මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවයක් නොමැති බවට සහතිකයක්” නොමිලේ ලබාගැනීමට රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට පහසුකම් සලසා ඇත.
ඒඅනුව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් බඳවාගැනීමට අපේක්ෂා කරන සියලුම රැකියා නියෝජිත ආයතන සහ තනි අනුග්‍රාහකයන්ට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස උපදෙස් දෙයි.
මෙම ප්‍රවෘත්තිය ඕමාන් තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගෙන තිබේ.
වැඩබිම
