මාලදිවයිනේ අසරණවී සිටින මේ ලාංකිකයින්ට පිහිට වෙන්න

මාලදිවයිනේ අසරණවී සිටින මේ ලාංකිකයින්ට පිහිට වෙන්න

මලිත පුතා සහ ලූරිදු මාතා -3″ යන බහුදින ධීවරයාත්‍රාවල මෙම ශ්‍රී ලාංකික ධීවරයින් තම රැකියා සදහා පිටත්වී දියඹේදී ආපදාවන්ට ලක්වී මාලදිවයින් මූදු ප්‍රදේශයට ගසාගෙනගොස් තිබේ. එම අවස්තාවේ මාලදිවයින් සාගර ආරක්ෂක අංශ භාරයට පත්වී ඇත්තේ 2020.07.03 සහ 2020.07.25 දිනවලදීය.

මේවන විට මාස තුනකට අධික කාලයක් මාලදිවයිනේ සිරවී සිටී. මේවන තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවට යාමට අවසර ලබා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පුර්ණ වී නොමැත.

මොවුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමටත් අපහසුතා පැන නැගී ඇත. ආහාර පාන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සහ මුදල් නොමති අතර මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් විටින් විට පැමිණ ලබාදෙන ආධාට උපකාරවලින් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යයි.

මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්‍යාලයෙන් අවශ්‍ය සහාය ඉල්ලා ඇති නමුත් ඒ සදහා යුහුසුලු මැදිහත්වීමක් සිදුවී නොමැතිබව ඔවුන් පවසයි.

මොවුන් මාස ගනනක් මෙහි සිරවී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ අඹුදරුවන් ජීවිතදවලද මේවනවිට ප්‍රශ්නකාරී තත්ව මතුවී මුල්‍ය ගැටලු හා සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට නොහැකිවී තිබේ.

මේ නිසා ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ හැකි ඉක්මනින් මව්රට බලා යෑමට කටයුතු සලසා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉක්මන් අවධානය සහ අවශ්‍ය මැදිහත්වීම,
01. මාලදිවයිනේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය
02. ශ්‍රීලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය
03. ශ්‍රීලංකා ධීවර අමාත්‍යාංශය
සහ අනෙකුත් අදාල ආයතන විසින් ඉකමනින්ම සිදුකරනලෙස ඉල්ලා සිටින්නෙමු.
හැකි තරම් ශරෙ කරමු !
අදාල අංශවල අවධානයට යොමුකරමු!
හැකි අය වෙත්නම් උදව්කරමු!
ඔවුන්ව සම්බන්ධ කරගතහැකි දුරකතන අංක
+94 (70) 206 4318 – තරංග ( Vඉබෙර් / ඓමො )

(උපුටා ගැනීමකි)