සොරකමකට චෝදනා ලබමින් මෙල්බන්හි ලාංකිකයෙකු පොලිස් දැලේ

සොරකමකට චෝදනා ලබමින් මෙල්බන්හි ලාංකිකයෙකු පොලිස් දැලේ

ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල්(Australia Post) සොරකම් කළ බවට චෝදනා කරමින් මෙල්බන් හි වාසය කරන​ ශ්‍රී ලාංකික​ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

අගෝස්තු සහ ඔක්තෝබර් අතර Portsea, Rosebud, Rye, Sorrento සහ Tootgarook යන ප්‍රදේශවල පැකේජ ගණනාවක් අතුරුදහන් වීමෙන් පසු Australia Post සහ වික්ටෝරියා පොලිසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

මෙම මෙහෙයුමේදී 24 හැවිරිදි මෙම පුද්ගලයා ඔක්තෝබර් 21 වන දින Mount Waverely ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී පොලිස් රැහැනට හසු විය​.

යෝග්‍යතා උපකරණ, ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, මත්පැන් සහ සෙල්ලම් බඩු ඇතුළත් පැකේජ 67 ක් ඔහු සතුව තිබී ඇත.
සාපරාධී සොරකම් සහ තැපැල් ලිපි සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ අතර 2021 ජූලි 20 වන දින Frankston මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ඔහුට ඇප නියම විය.

මෙම පාර්සල් අදාල පුද්ගලයින් හට ලබා දීමේ ක්‍රියාවලිය පොලීසිය ආරම්භ කර තිබේ.