මැදපෙරදිග සිට මව්බිමට එන්න අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සුබ පණිවිඩයක්

මැදපෙරදිග සිට මව්බිමට එන්න අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සුබ පණිවිඩයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග රටවල ලාංකිකයින් කෙරෙහි ප්‍රමුඛතාවක් දක්වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ක්‍රියාවලියේදී ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ කුමන කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්දැයි
අද (24) උදෑසන විද්‍යුත් නාලිකාවක පැවැති වැඩසටහන අසන ලද පැනයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ලාංකිකයන් වෙත දැනටමත් ප්‍රමුඛත්වයක් දී කටයුතු කරමින් සිටින බවයි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

"කුවේට් රාජ්‍යයෙන් ඊයේ දිනයේත් ලංකාවට 326 දෙනෙකු පැමිණියා. අදත් 188 දෙනෙකු දෝහා කටාර් සිට රැගෙන ඒමට නියමිතයි. ලබන සතිය පුරාවට ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානා සම්බන්ධයෙන් අපි විදේශ අමාත්‍යාංශ හරහා ඒ ඒ තානාපති කාර්යාලවලට දැනුම්දීලා තියෙනවා. අපි ප්‍රමුඛත්වය ලබාදීලා තියෙන්නේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි. ඒ රටවල සිටින අපේ ජනතාව බොහෝම අසීරු තත්ත්වයන්වලයි සිටින්නේ. සෞදි අරාබියටත් 30වැනිදා අපි ගුවන් යානයක් යැවීමට කටයුතු කරනවා. මැදපෙරදිගට වැඩි අවදානයක් යොමු කරලා සෙසු රටවල් සම්බන්ධයෙනුත් හැකි අයුරින් කටයුතු කරනවා."