ඕමානයේ සිට පැමිණි පිරිසක් ගුවන්තොටේදී විරෝධතාවයක

ඕමානයේ සිට පැමිණි පිරිසක් ගුවන්තොටේදී විරෝධතාවයක
 
ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ලාංකිකයින් පිරිසක් තමන්ට පී.සී.ආර් පරීක්ෂණ කිරීමට මුදල් නොමැති බව පවසමින් ඊයේ (-3) දිනයේ විරෝධතාවය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
 
ඊයේ (3) උදෑසන 7.40ට පමණ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර එලෙස පැමිණි පිරිස 54කි.
 
ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණ තමන්ට පී.සී.ආර් කිරීමට මුදල් නොමැති බව ප්‍රකාශකරමින් විරෝධතාවය පල කර බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කටුනායක ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරිවරයා සඳහන් කළේ.
 
පසුව මෙම ඉල්ලීම සලකා බලා එම පිරිස ගුවන්තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකළ බවත් සඳහන්.