රුමේනියාවේ සිටින ලාංකිකයින්ගෙන් ජනපතිට බෑගෑපත් ආයාචනයක්

රුමේනියාවේ සිටින ලාංකිකයින්ගෙන් ජනපතිට බෑගෑපත් ආයාචනයක්
රුමේනියාවේ සේවයට ගොස් කොරෝනා නිසා එරට අසරණවී සිටින ලාංකිකයින් පිරිසක් ඔවුන් පත්ව ඇති අසරණභාවය පිළිබඳව වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබේ.
 
මව් බිමට යාමට නම් ඊට විශාල මුදලක් වැයවෙන බවත් රුමේනියාවේ ලක් තානාපති කාර්යාලයක් නොමැථි බැවින් ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.
 
එමෙන්ම එම්බසියක් නොමැති නිසා පෝලන්ඩ් පිහිටි ලක් තානාපති කාර්යාලයට ඔවුන්ගේ ගැටළු යොමුකළ යුතුව තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
 
නමුත් එම එම්බසියට කතා කළත් නිසි ප්‍රතිචාරයක් ඔවුන් නොදක්වන බවයි මෙම ලාකිකයින් කියා සිටින්නේ.අදවනවිට රුමේනියාවේ සිටින ලාංකිකයින් බොහෝමයක් මව් බිමට පැමිණීමට නොහැකිව මෙලෙස අසරණවී සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
 
ඔවුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් බෑගෑපත් ලෙස ඉල්ලා සිටින්නේ තමන්ව මව්බිමට ගෙන්වා ගන්නා ලෙසත් ඊට සහන සලසන ලෙසත්ය.
 
 

වීඩියෝ පටයට මෙතනින් පිවිසෙන්න....