නිරෝධායනය සඳහා හෝටල් කාමරයකට අයකරන මිල ඩබල් වෙලා -මෙන්න හෙලිදරව්ව

නිරෝධායනය සඳහා හෝටල් කාමරයකට අයකරන මිල ඩබල් වෙලා -මෙන්න හෙලිදරව්ව

විදේශයන් හි සිට පැමිණෙන පිරිස් නිරෝධායනය සදහා යොමු කිරීමේ දී, තරු පන්තියේ හෝටලයක තනි කාමරයක් සදහා අය කරන මිල රුපියල් 7500 ලෙස පවසා තිබුණ ද, ඒ සදහා රුපියල් 12,500 ක් අය කරන බව වාර්තා වේ.

මේ බව හෙළිදරව් වන්නේ, ආචාර්ය නලින්ද සිල්වා මහතා අරුණ පුවත්පතට සම්පාදනය කරන ලිපියකිනි. ආචාර්ය නලින්ද සිල්වා, මියන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

ඔහු පවසන ආකාරයට, පසුගිය දා මියන්මාරයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති පිරිසක් හෝටල් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔවුන්ගෙන්, තනි කාමරයක් සදහා දිනකට රුපියල් 12,500 ක් අයකරගෙන තිබේ.

ආචාර්ය නලින්ද සිල්වා මහතා මේ කරුණ පිළිබදව පවසා ඇති, එම ලිපියේ අදාල කොටස අපි මෙසේ උපුටා දක්වමු.

“ආණ්ඩුව නිල වශයෙන් කියන දේත් සමහර විට පිළිගැනීමට අපහසු වෙන අවස්ථා තියෙනවා. පිටරටින් ලංකාවට එන අයට මේ දිනවල හෝටල්වල නිරෝධායනය වෙන්න පුළුවන්. මියන්මාරයෙනුත් කිහිප දෙනකු ලංකාවට ගිහින් තියෙනවා. ආණ්ඩුව නිල වශයෙන් කියා ඇත්තේ හෝටලයක තනි කාමරයක් සඳහා අයකළ හැකි උපරිම මුදල රුපියල් 7500ක් බවයි. එහෙත් හෝටල්වල රුපියල් 12500ක් අය කෙරෙනවා. එක්කෝ නිලධාරීන් ආණ්ඩුවට නිවැරදි වාර්තා දෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිලධාරීන්ට ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කරවන්න බැහැ. කොහොමටත් එය හැමදා හැම ආණ්ඩුවකට ම තිබූ ප්‍රශ්නයක්. ආණ්ඩුව නියම කරන මිලට වෙළෙඳ පොළේ බඩු ගන්න බැහැ.”