විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ලාංකිකයින් වෙත නිවේදනයක්!

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ලාංකිකයින් වෙත නිවේදනයක්!

කොරෝනා වසංගත තත්ත්වය මත විදේශයේ සිට පැමිණි පසුව නිරෝධායන ක‍්‍රියාවලියට යොමුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙන අතර 020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 වන දින තෙක් කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති ගුවන් මගීන්ට එම අවස්ථාව හිමිවෙන බවත් සඳහන්.


ඔබත් විදේශයේ සිට පැමිණ ඉහත සඳහන් කාල සීමාව තුළ නිරෝධායනය අවසන් කර සිටින අයෙක් නම් මේ අවස්ථාව මඟහැර ගන්න එපා.