කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි
එක්සත් රාජධානියෙන් වාර්තා වන නව කොරෝනා වයිරසයේ, නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු ඔස්ට්‍රේලියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
 
"ද ගාඩියන් " පුවත්පත පෙන්වා දෙන පරිදි එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන් දෙදෙනකුට මෙම නව කොරෝනා වයිරසයේ, මෙම නව ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවට තහවුරු කරගෙන තිබෙන බවත් ඔවුන් දෙදෙනා මේවනවිටත් නිරෝධායන ක්‍රියාවලියට යොමුකට තිබෙන බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙන බවයි.
 
 
මෙම නව වෛරස් ප්‍රභෙදය ව්‍යාප්තවීමේ අවදානම ඉතා ඉහළ අගයක් ගන්නා නමුත් ඔස්ට්‍රෙිලියාවට පැමිණෙන සංචාරකයන්ට දැඩි සීමා හෝ ඔවුන් සම්බන්ධයෙන් හෝ දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එරට  ප්‍රධාන වෛද්‍ය   නිලධාරී මහාචාර්ය පෝල් කෙලී ප්‍රකස්ශ කර ඇත්තේ.
 

කෙසේ නමුත් ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය අවදානම් බැවින් හැකි සෑම විටම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.