ඕමාන්වල අසරණවූ ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට බෑගත්වෙයි

ඕමාන්වල අසරණවූ ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට බෑගත්වෙයි

ඕමාන් රාජ්‍යයේ සේවයට ගොස් ඉතාමත් අසරණභාවයට පත්ව සිටින ලාකික තරුණියක් කොරෝනා වසංගතය හේතුවෙන් අන්ත අසරණව ඕමානයේ රැඳී සිටින ලාංකිකයින් වෙනුවෙන් ඇයගේ හඬ අවදිකර මෙරට රජයෙන් බැගෑපත් ඉල්ලීමක් කරතිබේ.

 
අවස්ථා කිහිපයකදීම වීඩියෝ පට මාර්ගයෙන් ඕමානයේ අසරණවී සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් දැණුවත් කරමින් ඔවුන්ට දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට බැගෑපත්ව ඉල්ලා සියද තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
 
තවද අදවනවිට ඔවුන් පත්ව ඇති අසරණභාවය මෙන්ම සිය දරු පවුල් දැක බලා ගැනීමට ඇති උවමනාව හා කැමැත්ත ගැන ඇගේ සඳහන් කරන ආකාරයට ඕනෑම අයෙකුට ඇසට කඳුලක් එක්කරනු ඇත.
 

විදෙස්ගතව අසරණව සිටින මෙවැනි අය කොතෙක් ඇත්ද? ඔවුන් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්න විනිමය මෙරටට ලබාදෙන රට විරුවන්ය. ඔවුන්ගේ හඬට කන්දෙන්න. කඩිනමින් ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. ඔවුන් ඉල්ලා සිටින්නේ එයයි.

වීඩියෝ පටය මෙතනින් නරඹන්න...