ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ලක් කතක් අභිරහස් ලෙස මියයයි

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ලක් කතක් අභිරහස් ලෙස මියයයි

ඉතාලියේ මිලාන් නුවර සිට දිවයිනට පැමිණි ලාංකික කාන්තාවක් නිරෝධායනය වෙමින් සිටි මහනුවර හෝටලයේදීම අභිරහස් ලෙස මියගොස් සිටියදී ජනවාරි 01 වෙනි දින සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

අදාල කාන්තාව පසුගිය 17 වෙනි දින දිවයිනට පැමිණ රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇත.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ධම්මිකා පෙරේරා (52) නැමති එක්දරු මවකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මියගිය කාන්තාවගේ සැමියා වන ඉඳුනිල් දීප්ති කුමාර මහත ප්‍රකාශ කර ඇත්තේ සිය බිරිඳ අසනීප තත්ත්වයක් නිසා ඊට ප්‍රතිකාර ලබා ගැනීම ලංකාවට ගිය බවත් ඇගේ නිරෝධායන කාලසීමාව අවසන් වීමට තිබුණේ ජනවාරි 01 වෙනි දින බවයි. එදිනම උදෑසන ඇය මියගොස් තිබෙන බවට ලංකාවෙන් දුරකථන ඇමතුමක් ආ බාවත් හෙතෙම සඳහන් කරයි.
 
 "අපි හෝටලයට දැනුම් දුන්නා ඇය සිටිය අසනීප තත්ත්වයට අනුව වෛද්‍යවරයෙකුට පෙන්නන්න අවශ්‍ය බවත් ඊට කටයුතු සලසන්න කියලත්. නමුත් ඒ අය කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. ලංකාවට ගියාට පස්සේ අපිට ඇයව දුරකථනයෙන්වත් සම්බන්ධ කරගන්නත් බැරි වුනා. වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් ඇයගේ ජීවිතය ආරක්ෂා කර ගන්න තිබුනා " යනුවෙන් ඇගේ ස්වාමියා සඳහන් කරයි.
 
තවද ඔහු සඳහන් කළ වැදගත්ම කාරණය වන්නේ නිරෝධායනයවන පිරිස් ගැන රටේ බලධාරීන් මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
 
"අපෙන් ලක්ෂ ගණනක් අයකරගෙන දිවයිනට ගෙන්වා ගන්නවා. නිරෝධායනය වෙන අයට කාමරයෙන් පිටතට යන්න දෙන්නේ නැති නම් ඒකාලය තුළ ඔවුන්ගේ වගකීම රජය ගන්න ඕනි.කෙසේ නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා අද මගේ දරුවට අම්මා කෙනෙක් නැතිවෙලා තියෙනවා. මැරෙන්න තරම් මගේ බිරිඳට අසනීපයක් තිබුනේ නෑ. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්න. බිරිඳට මොකක් වුනාද කියලා සියලා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ." දීප්ති කුමාර මහතා අවසාන වශයෙන් සඳහන් කළේය.
 
image 60fccc1baf