විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීම මාෆියාවක් බව ආණ්ඩුවම තහවුරු කරයි(VIDEO)

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව විශේෂයෙන් එතර අපි සංවිධානයත්, මේ වනවිට මෙරටට පැමිණි, පැමිණීමේ සට නිරෝධායනය වී සිය නිවසට යන තුරු කාලය තුළ රුපියල් ලක්ෂ 04ක් 05ක් වියදම් කිරීමට සිදුවූ ලාංකික ශ්‍රමිකයනුත් මේ දක්වා ආණ්ඩුවට එල්ල කළ, විදේශිකයන් ගෙන්වීමේදී ප්‍රබල මාෆියාවක් සිදුවන බවට වන චෝදනාව සනාත වී තිබේ.

මෙම මාෆියාව ජනාධිපතිවරයා සැලසුම් කළ ක්‍රමය නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවද මෙම මාෆියාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කරන, නීතිවිරෝධී ගිනි අවි ගබඩා පවත්වාගැනීමට ඇතුළු චෝදනා ගණනාවකට චූදිතයෙකු වූ පුද්ගලයෙකි.

(ලංකා ට්‍රත්)