ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘතයි

ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘතයි

විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා  ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (05) දිනයේ ප්‍රකාශයක් කර තිබේ.

සංචාරකයින්ට රට විවෘත කිරිමේ වැඩපිළිවෙල පිළිබදව පැහැදිළි කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශෙය්  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ලදී.

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු සංචාරකයින් ගෙන්වන ආයතන සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කළ යුතු අතර ඒවා උල්ලංඝනය කරන ආයතන වලට සංචාරකයින් ගෙන්වීම සඳහා අවස්ථාව ලබානොදෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

"මාර්තු 19 වැනිදා ගුවන්තොටුපොළ වැහුවා. එදා ඉඳන් මේ මාස 10 දක්වා සංචාරකයෝ පැමිණීමක් සිදුවුණේ නෑ. මේ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරන්න අපි ගිය ජූනි මාසේ සිට විවිධ සැලසුම් හැදුවා. මේ වෙලාව හොඳ ඉල්ලුමක් තියෙන අවස්ථාවක්. මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න හොඳම අවස්ථාව මේ වෙලාවයි. ඒ අනුව අපි බලාපොරොත්තුවෙනවා ජනවාරි මාසේ 21 වෙනිදා සිට කියලා අපි කියන්නේ, 23 වෙනිදා වෙනකොට සම්පූර්ණ ගුවන්තොටුපොළ සංචාරකයින්ට විවෘත කරන්න. දැන් හඳුනාගත් මූලික ගැටලු විසඳාගෙන අපි ඒ සඳහා සූදානම් වෙනවා." යනුවෙන් වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.