විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය තවත් සක්‍රීය කිරීමට පියවර

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීමේ ක්‍රියාවලිය තවත් සක්‍රීය කිරීමට පියවර

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන් හි සිරවී සිටින ශ්‍රී  ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ දමන බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ප්‍රකාශකර තිබේ.

 
බන්ධනාගාර කොරෝනා පොකුරේ ව්‍යාප්තිය අඩුවී ඇති හෙයින්, විදේශයන් හි සිට ගෙන්වන ශ්‍රී  ලාංකිකයන් හට නිරෝධායනය වීමට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ ලැබීමටත් මීට එක් හේතුවක් වූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
 
විදේශයන් හි සිරවී සිටින ශ්‍රී  ලාංකිකයන් 500ක් පමණ දෙනා මෙරටට ගෙන්වා ගන්නා බවත්, එය දිනකට 750 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් එතුමා පෙන්වා දෙන ලදී.
 

ඒ අනුව, විදේශයන් හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහත අවැඩිදුරටත් සඳහන් කළේය.