
විදේශයන්හි සිටි ශී‍්‍ර ලාංකිකයින් 949 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් දිවයිනට පැමිණි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
එක් දිනක් තුළ මෙරටට ගෙන්වූ වැඩිම ලාංකිකයින් පිරිස ඊයේ දිනයෙන් වාර්තා වූ බවත් හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ, "පසුගිය කාල සීමාව සමග සැසදීමේදී ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් මෙරටට රැගෙන එනු ලැබුවා. එසේ පැමිණි සංඛ්‍යාව 949ක්. මෙම පැමිණි පිරිස අතර ඕමානයෙන් 300 කට ආසන්න පිරිසක්, ඒ වගේම කටාර් ඇතුළු මැදපෙරදිග රටවල් වලින් වගේම චීනය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, ඉතාලිය, ඉතියෝපියාව සහ සිංගප්පුරුවේ සිට මෙම පිරිස පැමිණියා. මේ වන විට විදේශගතව සිටි ලාංකිකයින් 72,293 දෙනෙකු මෙරටට යලි ගෙන්වා ගෙන තිබෙනවා" යනුවෙනි.