වාණිජ ගුවන් ගමන් ආරම්භයත් සමඟ පළමු සංචාරයකින් පිරිස දිවයිනට

වාණිජ ගුවන් ගමන් ආරම්භයත් සමඟ පළමු සංචාරයකින් පිරිස දිවයිනට
වාණිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21) දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ මෙම  විදේශික සංචාරකයින් පිරිස ඊයේ දින රාත්‍රී 10.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
 
මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සදහා විවෘත බව පිළිබඳව වාර්තාකරණය පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවයි  වාර්තා වෙන්නේ.