විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් කටුනායකට

විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් කටුනායකට

කොරෝනා නිසා දිවයිනට පැමිණීමට නොහැකිව විදේශයේ රැඳී සිටි ලාංකිකයින් 195 දෙනෙකු කටුනායක ගුවන්තොට හරහා දිවයිනට පැමිණ තිබේ.

අද (25) පෙරවරු 08.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 08කින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙන අතර ඉන් සෞදි අරාබියේ සිට ලාංකිකයින් 75ක් පැමිණි පිරිස අතරට අයත් බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
 
තවද,මෙම කාලසීමාව තුළ ගුවන් ගමන් 09කින් මඟින් 659 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශ රටවලට පිටත්ව ගොස් ඇති බවත් සඳහන්.