ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ තවත් කඩිනම් කෙරෙයි

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ තවත් කඩිනම් කෙරෙයි
මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
 
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා විසින් පත්කළ කොමිසමේ නිර්දේශ අනුව මෙම ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.
 
සතියක කාලයක් ඇතුළත ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සමඟ සාකච්ඡා කර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව ඔවුන්ගේ ඥාතීන් හා මහජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
 
මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව සඳහන්ය.