සයිප්‍රසයේ සේවය කළ ලාංකික කතක් මියයයි

සයිප්‍රසයේ සේවය කළ ලාංකික කතක් මියයයි
 
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සයිප්‍රසයේ සේවය කළ ලාංකික කාන්තාවක් පසුගියදා මරණයට පත්ව තිබේ. මේ සම්බන්ධයෙන් සයිප්‍රසයේ කොන්සියුලර් කාර්යාලය විසින් සිය නිල ෆේස් බුක් පිටුව හරහා සටහනක් තබා තිබෙන අතර ඇය සයිප්‍රසයේ කෝෂියා නුවර  දීර්ඝ කාලයක් සේවයේ  නියුතු වූ තැනැත්තියක් බවත් සඳහන් කර තිබේ.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මෙරට හික්කඩුව තෙල්වත්තේ  පදිංචිව සිටිමල්ලියවඩු නන්දනී යන අයයි.
 
ඇයගේ පවුලේ අය විසින් දේහය  ගෙන්වා දෙන මෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම ඉටුකිරීමට කොන්සියුලර් කාර්යාලය කටයුතු සූදානම් කර තිබෙන බවත් සඳහන් කර ඇත.
ඇය සයිප්‍රස් සමාජ ආරක්ෂණ රක්ෂණ ක්‍රමයට හා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයට  දායකත්වය ලබාගෙන ඇති බැවින් ඇයගේ රෝහල් ගාස්තු හා දේහය ශ්‍රී ලංකාවට රැගෙන යාම සඳහා සියළු වියදම්  සයිප්‍රස් සමාජ ආරක්ෂණ රක්ෂණ  අරමුදල මගින් දරන බවත් සඳහන්.
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යයංශයේ රක්ෂණ අරමුදලට ඇය දායක වී ඇති බැවින් ඇගේ මරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක්  ද මරණාධාර වශයෙන් රුපියල් 30,000/-ඇයගේ යැපෙන්නන්ට හිමිවේ  
 
සයිප්‍රස්හි ශ්‍රී ලංකා  කොන්සල් ජනරාල් කාර්යාලයේ  කාර්‍යය මණ්ඩලයේ  ශෝකය  මෙයින් පළකරන අතර ඇයට උතුම් වූ නිවන් සැප ලැබේවායි යනුවෙන් ප්‍රාර්ථනා එක්කර ඇත.
 
 
145347476 770596326874047 2420439661793699184 n