මත්තලින් දිවයිනට එන ලාංකිකයින්ට සුබ පණිවිඩයක්

මත්තලින් දිවයිනට එන ලාංකිකයින්ට සුබ පණිවිඩයක්
මත්තල ගුවන් තොටු පොළේ තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය මේ මස අවසන් සතියේ දී විවෘත කෙරෙන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පසුගිය දා ප්‍රකාශකර තිබේ.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම නවීන වෙළෙඳ සංකීර්ණය විවෘත වෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
 
විදුලි උපකරණ, රූපලාවන්‍ය උපකරණ, බැංකු ඇතුළු සියලු අංශ ඇතුළත් කර අංගසම්පූර්ණ වෙළෙඳ සංකීර්ණයක් මෙහි විවෘත වෙන බවත් ශ්‍රී ලංකා තේ අලෙවිසල් හා තෑගි භාණ්ඩ අලෙවි සල්ද  ඊට ඇතුළත් වන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.