විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවෙන අසාධාරණය ගැන ෆෙස්බුක් සඳහනක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවෙන අසාධාරණය ගැන ෆෙස්බුක් සඳහනක්
විදෙස් ශ්රමිකයන් ලංකාවට ගෙන්වීමේදී සිදුකරන බරපතළ මුදල් ගසාකෑම වත්මන් ආණ්ඩුවේ වැරදි අතර ඇති ඉතා පහත්ම හා ලැජ්ජා සහගතම වරදක් බව කිව යුතුය.
 
මේ ගසාකෑම ආරම්භ වන්නේ යම් රටක තානාපති කාර්යාලයෙන් ලංකාවට පැමිණීම සඳහා ලියාපදිංචිය සිදුකරන මොහොතේ සිටය.
 
ඇතැම් තානාපති කාර්යාලවල මේ සඳහා ලියාපදිංචි ගාස්තුවක්ද අය කරන අතර, තවත් සමහර තැන්වල ඒ සඳහා අල්ලස් දීමට පවා සිදුවන බව වාර්තා වේ. මෙය අරුන්දික ප්රනාන්දු රාජ්ය අමාත්යවරයා පවා ප්රසිද්ධියේ පිළිගත් කරුණකි.
 
මෙසේ ලංකාවට එන ශ්රමිකයන්ට එසේ පැමිණිය හැක්කේ බොහෝ විට ශ්රී ලංකන් ගුවන් සේවය හරහා පමණි. එහි ලංකාවට පැමිණීම සඳහා පමණක් ලබාදෙන ටිකට් පතක් සාමාන්ය ගාස්තුවට වඩා දෙතුන් ගුණයකින් ඉහළය.
 
ටිකට්පත්වලින් සිදුකරන සූරාකෑමට අමතරව ලංකාවට පැමිණීමට පෙර සහ පසු සිදුකරන පීසීආර් පරීක්ෂණ සඳහාද ශ්රමිකයන් මුදල් ගෙවිය යුතුය.
 
මීළඟ අතිශය නින්දිතම ගසාකෑම සිදුවන්නේ හෝටල් නිරෝධායන ක්රියාවලිය සඳහාය.
 
මේ හෝටල් නිරෝධායන ක්රියාවලිය සිදුවන්නේ රජය මගින් තෝරාගත් හෝටල් ජාලයක පමණි. ඒ සඳහා දිනකට රුපියල් 14000කට වැඩි මුදලක් ගෙවිය යුතුය. ඒ අනුව දින 14ක් සඳහා රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය වෙයි. මේ අනුව මේ සමස්ත ක්රියාවලිය වෙනුවෙන් ලක්ෂ කීපයක අමතර මුදලක් වැය කිරීමට ශ්රමිකයන්ට සිදුවේ.
 
මේ ඉහළ අයකිරීම සිදුවන්නේ තරු හෝටල්වල බාල් නැටීමට නොව කාමරයට ගෙනැවිත් දෙන කෑම පිඟාන කා දවස ගත කිරීම සඳහාය. එවැනි සේවාවන්ද සපයනු ලබන්නේ හමුදාවෙන් වන බැවින් සේවා සඳහා වැයවන මුදල පවා හෝටල් හිමියන්ගේ ගිණුමට බැරවන්නේ නැත.
 
ලංකාවෙන් වසරකට විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිසෙන් සීයට 40ක් පමණ ගෘහ සේවය සඳහා මැදපෙරදිග යන කාන්තාවන්ය. ඔවුන් දහදුක් විඳ මසකට උපයන්නේ රුපියල් 50000ක, 60000ක පමණ සොච්චම් මුදලකි. ආණ්ඩුව අද තම ගජ මිතුරු හෝටල් හිමියන් පෝසත් කරනුයේ මෙවන් අසරණ කාන්තාවන්ගේ මුදල්වලින් වීම කෙතරම් ඛේදවාචකයක්ද?
 
ඇතමුන් පවසන්නේ හෝටල් නිරෝධායනය සෞඛ්ය අංශවල තීරණයක් බවය. එය පුදුමාකාර කතාවක් වන්නේ ලංකාව තුළ කොරෝනා වැළඳුණ අය පවා රෝහල්වල ඉඩකඩ නැතිවූ විට නිවසේ සිට ප්රතිකාර සඳහා යොමු කරන බැවිනි. නමුත් විදෙස් ශ්රමිකයන් ලංකාවට පැමිණීමට පෙර සහ පසු පීසීආර් පරීක්ෂණ දෙකක් සිදුකරනු ලබයි. රෝගීන්ට පවා නිවාසවල ප්රතිකාර කරන රටේ පීසීආර් පරීක්ෂණ දෙකක ප්රතිපල නෙගටිව් වන විදෙස් ශ්රමිකයන් මෙසේ හෝටල්වලට දක්කාගෙන යනු ලබන්නේ කුමන පදනමක් මතද?
 
පීසීආර් නෙගටිව් වූ අය පවා හෝටල්වලම නතර කළ යුතු යැයි සිතන අත්භූත බලධාරීන් සිටී නම් ඊට තවත් විකල්පයක් තිබේ. ඒ එම කටයුත්ත සඳහා සාධාරණ මුදලක් අය කිරීමය. ඇතැම් හෝටල් හිමියන් රුපියල් පන්දහසක වැනි මුදලකට ඒ කටයුත්ත කිරීමට කැමැත්ත පළ කර ඇත. සංචාරකයන්ගේ නොපැමිණීම නිසා වසා දමා ඇති දහස් ගණනක් හෝටල්වල ඊටත් වඩා අඩුවට අවශ්ය නම් මේ පහසුකම් සලසා දිය හැකිය.
 
ඒ සියල්ල එසේ තිබියදී මේ සිදුවන්නේ රාජ්ය අනුග්රහය සහිත ජාවාරමක් බව ඉතා පැහැදිලිය. ඒ බව පසුගිය දිනවල අරුන්දික ප්රනාන්දු පමණක් නොව නාමල් රාජපක්ෂ ඇමතිවරයා පවා පිළිගෙන තිබිණි. මේ සම්බන්ධව තවදුරටත් ආණ්ඩුව සුද්ද කිරීමට බලාපොරොත්තු වන අය සිටී නම් ඔවුන් කළ යුත්තේ ඒ ඇමතිවරුන්ගේ ප්රකාශ විමසා බැලීමය.
 
මෙය අහස පොළව ගැටගැසිය යුතු ප්රශ්නයක් නොව සරල තීන්දු තීරණ කීපයක් ඔස්සේ කඩිනමින් විසඳිය හැකි ප්රශ්නයකි. ඒ තීන්දු නොගෙන මේ සාපරාධී වරද මෙසේ සිදුවන්නට ඉඩ දී බලා සිටීම කාගේ වුවමනාවක්ද?
 
පසුගිය ජනාධිපතිවරණයේදී අතින් වියදම් දරාගෙන ලංකාවට පැමිණ ගෝඨාභයට ඡන්දය දුන් විදෙස් ශ්රමිකයන්ට අද ජනාධිපතිවරයා ගැන මොනවා හිතෙනවා ඇත්දැයි අමුතුවෙන් කිවයුතු නැත. මේ අපරාධ කාගේ වුවමනාවට සිදුවුවද ජනතාව බලය දුන්නේ ගෝඨාභයට මිස ජාවාරම්කරුවන්ට නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.
 
රටේත් ආණ්ඩුවේත් යහපත ගැන අවංක වේදනාවක් තිබේ නම් අද පමාවී හෝ මේ අපරාධය නිවැරදි කිරීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.
 
ඉසුරු ප්රසංග

අනාගතය අපි තරුණ ව්යාපාරය

download