සංචාරකයන් හා විදෙස්ගත ලාංකිකයන්ගේ මාර්ගෝපදේශයන් වෙනස් වෙයි

සංචාරකයන් හා විදෙස්ගත ලාංකිකයන්ගේ මාර්ගෝපදේශයන් වෙනස් වෙයි

විදේශිකයන්ට හා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේදී යාවත්කාලීන කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව දැනට සිදු කරන පීසීආර් ප්‍රමාණය දෙකක් දක්වා අඩු කිරීමටත්, නිරෝධායන කාලය අඩු කිරීමට හෝ එන්නත් ලබාගෙන පැමිණෙන අයට රට තුළට පැමිණීමට අවස්ථාව ලබාදීම ඇතුළු කරුණු දහයක් කෙරෙහි අවධානය යොමුව ඇත.

මෙතෙක් රට තුළට පැමිණි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට දෙකකට ආසන්න ප්‍රමාණයක් පමණක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර සංචාරකයන් පන්දහස් දහයකට අඩු සංඛ්‍යාවකට රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මීට වඩා සමහර ප්‍රදේශවල කොවිඩ් ආසාදනය වීමේ ප්‍රතිශතය ඉහළ අගයක් ගත් අවස්ථා වාර්තා වීම නිසාත්, මේ වනවිට එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම නිසා මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරන ලෙස රජය දැනුම් දී තිබේ.

උපුටා ගැනීම -නෙත් නිවුස්