
කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන සඳුදා වනවිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇති බවයි.
එළැඹෙන සඳුදා දින ලබා දෙන තීරණයට අනුව කොවිඩ් එන්නත ලබාගෙන විදේශයේ සිට දිවයිනට පැමිණෙන ලාංකිකයින්ට නිවෙස් නිරෝධායනයට අවස්ථාවක් හිමිවීමේ සුබ ආරංචිය ලැබෙනු ඇතැයි අපෙක්ෂා කරමු.