විදේශයේ සිට එන අයගේ නිරෝධායන සීමා වෙනසක් -මෙන්න අලුත්ම නිවේදනය

විදේශයේ සිට එන අයගේ නිරෝධායන සීමා වෙනසක් -මෙන්න අලුත්ම නිවේදනය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන ඒමේදී නිරෝධායනය විය යුතු කාල සීමාව වහාම වෙනස් කිරීමට කොවිඩ් මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය උපදෙස්  ලබා දී තිබේ.

එම උපදෙස්වලට අනුව ඉදිරියට මුදල් ගෙවා නිරෝධායනය වන අයට හෝටලයේ දින හතක් පමණක් නිරෝධායනය වී ඉතිරි දින හත නිවසේදීම නිරෝධායන වීමට අවසර හිමිවෙනු ඇත.

එමෙන්ම මෙරටට පැමිණි පසුව පස්වැනි හා හයවැනි දින තුළ පී.සී.ආර්. පරීක්ෂණ කර නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යාමට අවස්ථාව ලැබෙන බවත් සඳහන්..

රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන අය හට දින දහයක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වී ඉතිරි දින හතර නිවෙස් තුළම නිරෝධායනය වීමට හැකිය.

හෝටල්වල රැඳීසිටිමින් මුදල් ගෙවීමට ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන හා මෙරටට ඒමට බලා සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එක්වර වැඩි ප්‍රමාණයක් රැගෙන ඒමේ අරමුණින් මෙම නව මාර්ගෝපදේශ ඊයේ (17) දිනයේම වහාම නිකුත් කරන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට උපදෙස් ලබාදී ඇත.