විදේශයේ සිට දිවයිනට එන ලාංකිකයින්ට යලිත් තීරුබදු සහන

විදේශයේ සිට දිවයිනට එන ලාංකිකයින්ට යලිත් තීරුබදු සහන

ගුවන්තොටුපළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැවතත් විවෘත කර තිබෙන බවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධ්කාරිය නිවේදනය කර තිබේ.

විදේශයේ සිට දිවයිනට එන ලාංකික ශ්‍රමිකයින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමෙන් ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සියලුම සේවාවන් ලබා ගැනීමේ හැකියාව සැලසෙන බවයි අධිකාරිය පෙන්වා දෙන්නේ.

තවද මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකයක්ද ලබා දී තිබෙන අතර ඒ හරහා සම්බන්ධවීමෙන් පහසුකම් ලබා ගන්නා ආකාරය ගැන පැහැදිලිව දැනගැනීමටද හැකියාව සැලසෙන බව පෙන්වා දෙයි.


දුරකථන අකය : 01122263017

වෙබ් අඩවිය: https://airport.lk