කොවිඩ් නීතිරීති කැඩූ ලාංකිකයින් දෙදෙනෙක් ඉතාලියේදී අත්අඩංගුවේ

කොවිඩ් නීතිරීති කැඩූ ලාංකිකයින් දෙදෙනෙක් ඉතාලියේදී අත්අඩංගුවේ
කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පැනවූ නීති රීතී කඩකරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විවිධ රටවලින් වාර්තා වනවා. එවැනි සිද්ධියක් අද වාර්තා වුණේ ඉතාලියෙන්. මුහුණු ආවරණ නොපැලඳ ට්‍රෑම් රථයකින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස එරට කොවිඩ් රීතී කඩකර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී තියුණු ආයුධ පෙන්වා ආරක්ෂක හා බළධාරීන්ට තර්ජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. 
 

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර තර්ජනය කිරීම සහ තියුණු ආයුධයක් රැගෙන යාමේ වරදට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ඇති.