පහත අංක සඳහන් අයදුම්පත්වලට අදාළ නව ගමන් බලපත්‍ර පමණක් තානාපති කාර්යාලය වෙත ලැබී තිබෙන බවත් එය ලබා ගැනීම සඳහා කාර්යාල දිනවල උදෑසන 8.30 සිට දහවල් 12.30 අතර කාලය තුළ අදාළ කහ පැහැති රිසිට්පත සහ ඔබ සතු ගමන් බලපත්‍රය ද රැගෙන ආ යුතුය. ඊට අමතරව තාවකාලික ගමන් බලපත්‍රයක් ඔබ සතුව ඇත්නම් එයද අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු බවත් කුවේටයේ ලක් තානාපති කාර්යාලය එරට වෙසෙන ලාංකිකයින්ට සිහිපත්කර දී තිබේ.
ඔබත් කුවේටයේ සිට මව්බිමට යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ නිවේදනය අතිශය වැදගත් වෙන අතර ඔබේ මිතුර මිතුරියන්ගේ දැනුමට මේ පණිවිඩය බෙදා හරින්න.



