කුවේටයේ සැමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

කුවේටයේ සැමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

කොරෝනා ආසාදනය වීම වැළැක්වීම සඳහා ලබා දෙනු ලබන කොවිඩ් එන්නත කුවේටයේදී ලබා ගැනීමට අවශ්‍ය නම් එරට සිටින සෑම දෙනෙකුම ඔන්ලයින් මාර්ගයෙන් ලියාපදිංචි වීම අනිවාර්ය බව මේවනවිට ඔබද දන්නා කරුණකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කුවේටයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කර ඇත්තේ ඔන්ලයින් මාර්ගයෙන් ලියාපදිංචිය සිදුකරන අවස්ථාවේදී ලබාදෙනු ලබන දුරකථන අංකය ඍජුවම ඇමතුම් ලබාගතහැකි අංකයක් දීමට වගබලා ගන්නා ලෙසයි.
 
තවද ලියාපදිංචි වීමෙන් පසු කරුණාකර සෑම දිනකම ඔබට එම එන්නත ලබාගැනීමට දින වෙන් කිරීම සම්බන්ධයෙන් ස්ම්ස් පණිවිඩයක් ලැබී ඇත්ද යන්න තමන්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කර බලන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
 
කුවේටයේ ජීවත්වෙන ලාංකික ඔබටත් මේ නිවේදනය අතිශය වැදගත් වෙන අතර ඔබේ යහළුවන්ගේ දැනුවත්භාවයටද මේ පණිවිඩය බෙදා හරින්න.
 
කුවේටයේද මේවනවිට කොරෝනා වෛරස ආසාදිතයින් හමුවීම ක්‍රමයෙන් ඉහළ යාමක් පෙනෙන්නට ඇති බැවින් හැකිතාක් නිවසේම රැඳී සිටින්න.සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපඳින්න.නිරන්තරයෙන් යාවත්කාලීනවන උපදෙස් කෙරෙහි වෙනදාට වඩා සැලකිල්ලෙන් පසුවෙන්න.