තවත් රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තහනමක් 

තවත් රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණීමට තහනමක් 
පසුගිය දින 14 තුළදී දකුණු අමෙරිකානු රටවල්වල සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලයින්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් කර තිබේ.
 
ඒ බව සියලු ගුවන් සමාගම්වලට දැන්වූ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කැප්ටන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.
 

එසේම ඉන්දියාව සහ වියට්නාමය යන රටවල සංචාරය කළ ගුවන් මගීන්ට මීට පෙර පැනවූ තාවකාලික තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බවද  ඔහු පැවසීය.