
ලබන 8වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම ඊට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
බ්‍රිතාන්‍ය පුරවැසියන්ට, අයර්ලන්ත පුරවැසියන්ට හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට ජුනි 8වන දින සිට ක්‍රියාත්මක තහනම අදාළ නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වාදෙයි
කෙසේ වෙතත්, 05,06 සහ 07 යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවා ගෙන ඇති මගීන්ට මෙම තහනම බල නොපැවැත්වෙනු ඇත.