UAE රජයෙන් කොවිඩ් නීති වෙනස් වීම ගැන විශේෂ නිවේදනයක්!

UAE රජයෙන් කොවිඩ් නීති වෙනස් වීම ගැන විශේෂ නිවේදනයක්!
කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා සංචරණ සීමා ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එන්නත ලබාගත් පුද්ගලයන්ට මේ මස මුල් භාගයේ සිට ක්‍රීඩා ඉසව්, සංදර්ශන හා වෙනත් ජනතාව රැස්වන අවස්ථා සඳහා සහභාගීවීමට ඉඩ සලසා ඇති බව එම පුවත් සේවා පෙන්වා දෙන්නේ.
 
අදවනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 581,197ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සම්පූර්ණ සුවය ලැබූ පිරිස 560,734කි.
 
මියගිය ආසාදිතයින් ගණන 1,696ක් ලෙසයි වාර්තා වෙන්නේ.
 
සංචරන සීමා ලිහිල් කිරීමක් කළද සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපඳිමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි එමීරයේ සිටින සියළුම දෙනාට සිහිපත්කර දී ඇත්තේ.

 

ඔබත් එක්සත් අරාබි එමීරයේ සේවය කරන ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙන් සිටින්න,සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්න.