ශ්‍රී ලාංකිකයින්ට බහරේනයේ රැකියා බලපත්‍ර අත්හිටුවයි

baharein

කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇත.

කෙසේ වෙතත් අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image