ඕස්ට්‍රේලියාව කොවිඩ් නිසා දරුණුතම තත්ත්වයක -සංචරණ සීමාද දැඩි වෙයි

ඕස්ට්‍රේලියාව කොවිඩ් නිසා දරුණුතම තත්ත්වයක -සංචරණ සීමාද දැඩි වෙයි
කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
දැඩිකළ සංචරණ සීමා සමඟ ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
අද (21) දින සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 1,300කි.
සංවර්ධිත රටවල් අතුරින් අඩුම වේගයකින් එන්නත්කරණය සිදුකෙරෙන රට වන්නේ ඔස්ට්‍රේලියාව වන අතර මෙතෙක් එරට එන්නත් ලබාගෙන ඇත්තේ ජනගහණයෙන් 14%ක් පමණි.
ඔබත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් විය හැකි බැවින් සෑම විටම සැලකිල්ලෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අකුරටම පිළිපඳින්න.හැකිතාක් නිවසේම රැඳී සිටින්න.