සෞදි රජය විසින් විදේශිකයින්ට පැනවූ තහංචි ඉවත්කර ගනී

සෞදි රජය විසින් විදේශිකයින්ට පැනවූ තහංචි ඉවත්කර ගනී
සෞදි රජය විසින් විදේශිකයින්ට පැනවූ තහංචි ඉවත්කර ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
 
ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයින් සඳහා අගෝස්තු 01 වැනිදා සිට සිය දේශසීමා විවෘත කරන බව සෞදි අරාබිය නිවේදනය කර ඇත.
 
හජ් වන්දනාව සඳහා පැනවුණු සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන අතර සංචාරක වීසා බලපත්‍රලාභීන්ට පනවා තිබූ තහනම මෙලෙස ඉවත් කරන බවයි සෞදියේ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශකර ඇත්තේ.
 
ඒ සඳහා ඔවුන් ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබා සිටිය යුතුයි.
 

ඔවුන් සෞදි අරාබියට පැමිණීමට පෙර අවසන් පැය 72 තුළ ලබාගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවිය යුතු අතර එවැනි පුද්ගලයින්ට ආයතනික නිරෝධායන කාලසීමාවකින් තොරව සෞදි අරාබියට ඇතුළුවිය හැකි බවයි සෞදි සංචාරක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ ඇතුළත් වන්නේ.