කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් විමසිලිමත් වෙන්න

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් විමසිලිමත් වෙන්න

කොරියාවේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙක් මහනුවර විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මහනුවර ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 31ක මුදලක් කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පදිංචි ස්ථාන ලෙස පේරාදෙණිය, ජා ඇළ, මීගමුව සහ මුරුතලාව යන විවිධ ලිපිනයන් ලබා දී ඇති බවට වාර්තා වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා 55 හැවිරිදි හා 26 හැවිරිදි අය වන අතර ඔවුන්ව මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.