කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සුබ ආරංචියක්

කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සුබ ආරංචියක්
කොවිඩ් තත්ත්වය මත ප්‍රමාද වී ඇති කොරියානු රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් මේවනවිට අවශ්‍ය සියලු පියවරයන් ගෙන තිබෙන බවයි.
 
ලාංකිකයින්ට කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා කොරියානු තානාපතිවරයා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත්කළ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.