ලාංකික ගුවන් මගීන්ට කොරෝනා නීති ලිහිල් කිරීමක් -මේ ගැන ඔබ දැනුවත්ද?

ලාංකික ගුවන් මගීන්ට කොරෝනා නීති ලිහිල් කිරීමක් -මේ ගැන ඔබ දැනුවත්ද?
ඉන්දියාවේ සිට පැමිණෙන, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලංකිකයින්ට පුර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමටත්, පළමු ඵ්CR පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත් අවසර ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් නිවේදනය කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය  ප්‍රකාශකර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කිරීම හේතුවෙන් මෙම අවසරය හිමිව ඇති බවයි.
 
ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගැනීම අවශ්‍ය නොවේ.
 
නමුත් එසේ පැමිණෙන සියලුදෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව ඵ්CR පරීක්ෂාවකට භාජනය විය යුතු බවද එම අධිකාරිය කියා සිටී.