ඔබ ඉන්නේ කටාරයේද?සමාජ මාධ්‍ය භාවිතා කරනවානම් ප්‍රවේශමෙන්!

ඔබ ඉන්නේ කටාරයේද?සමාජ මාධ්‍ය භාවිතා කරනවානම් ප්‍රවේශමෙන්!
කටාර් රජය විසින් එරට තුළ සමාජ මාධ්‍ය භාවිතා කරන්නට අදාළවන නීතිමය තත්ත්වයක් සම්බන්ධයෙන් නිවේදන නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව සමාජ භාවිතා කරන්නන්ට අනතුරු හඟවා තිබෙන අතර එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා රටේ සාමයට බලපෑම් කරන තොරතුරු හුවමාරු කිරීම,ජාතිවාදී අදහස් මඟින් මිනිසුන් පීඩාකරන සහ වෛරී අදහස් හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
 
පසුගියදා එලෙස සමාජ මාධ්‍ය හරහා ජාතිවාදී අදහස් ප්‍රකාශකළ පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර  එම හේතුවෙන් නැවතත් නීති රීති සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් මෙම නිවේදනය නිකුත්කර ඇත.
 
ඔබත් කටාරයේ වෙසෙන ලාංකිකයෙකු නම් මේ ගැන දැනුවත් වෙන්න. සමාජ මාධ්‍ය ජාල හරහා තොරතුරු හුවමාරු කිරීමේදී වඩාත් පරිස්සම් වෙන්න.