මාස තුනකට පසු ලාංකිකයින්ට කුවේටයේ දොරටු ඇරෙයි

මාස තුනකට පසු ලාංකිකයින්ට කුවේටයේ දොරටු ඇරෙයි
මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්භ කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර  තිබෙන බව කුවේට් ලක් තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කුවේට් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙම රටවල් කිහිපයට යලි කුවේටයේ දොරටු විවර වෙන අතර ඒ අනුව  එළැඹෙන 22 එනම් හෙට දිනයේ සිට  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලනය සහ පාකිස්තානයට සිය වාණිජ ගුවන් ගමන් ඇරඹෙනු ඇති.
 

කෙසේ වෙතත් කුවේට් රජය නිවේදනය කර ඇත්තේ වානිජ ගුවන් ගමන් හරහා කුවේටයට පැමිණෙන එම රටවල සංචාරකයින් කුවේටයේ අනුමත කෙරෝනා මර්දන එන්නත් වන ෆයිසර්-බයෝඑන්ටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා, සීනෝෆාර්ම්, සිනොවාක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ හා එක් මාත්‍රාවක් ලබාගෙන තිබිය යුතු බවයි.