ලංකාව හා දකුණු කොරියාව අතර සබඳතා නව මාවතකට

ලංකාව හා දකුණු කොරියාව අතර සබඳතා නව මාවතකට
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර විශේශ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සහය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඊයේ දිනයේ විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා විසින් මේ සම්බන්ධයෙන්  සාකච්ඡා කර තිබෙන අතර ද්විපාර්ශවික හා බහු පාර්ශවික කටයුතුවලදී ලංකාවට සහය දීම සඳහා සිය රට කැපවීමෙන් සිටින බවත් තානාපතිවරයා සඳහන් කර තිබේ.
 
තවද මෙරට තුළ කොරියානු භාෂා අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවේදී අවදානය යොමුව ඇත.