විදෙස් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් දැනගන්න

විදෙස් රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් දැනගන්න
විදේශ රැකියා අපේක්ෂිත කාන්තාවක් විසින් පවුල් පසුබිම් වාර්තාව ලබා ගැනීමේදී අනුගමනය කල යුතු පියවර....
 
01.තම පදිංචි ප්ර්දේශයට ආසන්නම විදේශ සේවා නියුක්ති කාර්යංශ දිස්ත්රියක් කාර්යාලයට ගොස් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි පිලිගත් රැකියා නියෝජිත ආයතනයක් තෝරා ගැනීම.
02.එම රැකියා නියෝජිත ආයතනය වෙත ගොස් පවතින රැකියා ඇබෑර්තු පිළිබදව දැනුවත් වී තමාට සුදුසු රැකියාවක් හා සේවය කිරීමට සුදුසු රටක් තෝරා ගැනීම.
03.රැකියා නියෝජිත ආයතනය මගින් පවුල් පසුබිම් වාර්තා අයදුම් පතක් ලබා ගැනීම.
04.එය නිවැරදිව සම්පුර්ණ කර රැකියා නියෝජිතගෙන් අදාල ස්ථානයේ අත්සන් තබා ගැනීම.
05.ග්රායම නිලධාරි මගින් පදිංචිය සහ සිවිල් තත්ත්වය සහතික කර ගැනීම. [වත්තක(estate) පදිංචි නම් වතු අධිකාරිගෙන් පදිංචිය හා සිවිල් තත්ත්වය සහතික කර ගත යුතුය.]
06.තමන් පදිංචි ප්රමදේශයට අදාළ ප්රායදේශීය ලේකම් කාර්යාලයෙහි විදේශ රැකියා අමාත්යංදශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන් වෙත පවුල් පසුබිම් වාර්තා අයදුම් පත ඉදිරිපත් කිරීම.
07.සංවර්ධන නිලධාරියා විසින් අයදුම් පත පරීක්ෂා කර එහි ඉදිරිපත් කර ඇති තොරතුරු වල සත්ය් අසත්ය තාවය තහවුරු කර ගැනීම සදහා ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන පිළිබදව දැනුම් දීම.
08.සංවර්ධන නිලධාරින් විසින් එම ලිපි ලේඛන පරීක්ෂා කර නිවැරදි නම් පවුල් පසුබිම පරීක්ෂා කිරීම සදහා නිවසට පැමිණෙන දිනය පිළිබදව දැනුම් දීම.
09.විදේශ රැකියාව බලාපොරොත්තු වන කාන්තාව විසින් සංවර්ධන නිලධාරින් හට පවුල් පසුබිම පරීක්ෂා කිරීම සදහා අවශ්යි කටයුතු සකස් කිරීම.(එහිදී තම දරුවන්ගේ රැකවරණය පිළිබදව වැඩ පිළිවෙලක් සලසා තිබිය යුතුය.)

10.පවුල් පසුබිම පරීක්ෂාවෙන් අනතුරුව සංවර්ධන නිලධාරින් විසින් දන්වන දිනයකදී ප්රාුදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් තම පවුල් පසුබිම් වාර්තාව (අනුමත කල/අනුමත නොකල) ලබා ගැනීම.

 241401577 402817588071827 4367242280339896856 n

241125632 402817648071821 7657629634006917174 n