ගෘහ සේවයට එතෙර ගිය ලක්කත සියදිවි නසාගනී -මරණය ගැන සැකයක්

ගෘහ සේවයට එතෙර ගිය  ලක්කත සියදිවි නසාගනී -මරණය ගැන සැකයක්

ගෘහ සේවය සඳහා ආ විදේශගත වූ ලාංකික කාන්තාවන් එරට දී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය පසුගිය   2019 වසරේ දෙසැම්බර් මාසේ තිස් වැනි දින ගෘහ සේවය සඳහා  මලයාසියාව  බලා පිටත්ව තිබූ අතර  පසුගිය අගොස්තු මස 24 වන දින එරට තුළදී සිය දිවි නසාගෙන තිබෙනවා දැනුම් දී තිබේ.

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  බේරුවල ගල්හේන ප්‍රදේශය පදිංචිව සිටි  32   හැවිරිදි දෙදරු  මවකි.

 කෙසේ වෙතත් තම වැඩිමහල් සහෝදරියගේ මරණය සැක සහිත බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇගේ නැගිණි විසින්  මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර  තිබෙන බවයි වාර්තා වෙන්නේ.