ලාංකිකයින් වැඩි පිරිසක් එතෙර රැකියා සඳහා අවස්ථාව උදාවෙයි

ලාංකිකයින් වැඩි පිරිසක් එතෙර රැකියා සඳහා අවස්ථාව උදාවෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් බොහොමයක් යළි විදෙස් රැකියා සඳහා පිටත්වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 
 

එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ අදාළ ශ්‍රමිකයින්ගෙන් බහුතරයකට ඔවුන් මීට පෙර සේවය කළ ආයතන සහ රැකියා කළ ස්ථානවලින්ම යළි කැඳවීම් ලැබී ඇති බවයි.

රැකියා සඳහා පිටත්ව යාමේ ඉල්ලුම වැඩිවීමත් සමඟ ව්‍යාජ ලෙස රැකියා ලබාදෙන පුද්ගලයින්ගේ සහ ආයතනවල වැඩිවීමේ අවදානමක්ද ඇතිව තිබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ.

තවද,එලෙස ව්‍යාජ ලෙස රැකියා ලබාදෙන පුද්ගලයින් හා ආයතන සම්බන්ධයෙන්ද දැඩිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර ශ්‍රී ලකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම භාවිතා කරමින් වංචනික කටයුතු සිදුකරනවා නම් ඒ සම්බන්ධයෙන් පැය 24 සේවාවට දැනුම් දෙන්න හැකි බවත් 1989 ක්ෂණික දුරකථන අංකය හරහා දැනුම්දීමේ හැකියාව තිබෙන බවත් මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය.