ත්‍රස්ත ප්‍රහාරයකින් සෞදිය නොසන්සුම් -ඔබ ඉන්නේ සෞදියේ නම් ප්‍රවේශමෙන්!

ත්‍රස්ත ප්‍රහාරයකින් සෞදිය නොසන්සුම් -ඔබ ඉන්නේ සෞදියේ නම් ප්‍රවේශමෙන්!

සෞදි  අරාබියේ ගුවන් තොටුපළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව බව ද විදෙස් කරයි.

ඉරානයේ සහාය ලබන යේමනයේ හවුති ගරිල්ලන් විසින් ම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර තිබෙන අතර පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානයක් යොදා ගනිමින්  ප්‍රහාරය සිදුකළ බවත්  සෞදි ඒකාබද්ධ සන්ධාන හමුදාව නිවේදනය කර ඇත. එමෙන්ම ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

 ප්‍රහාරය නිසා  සුළු දේපළ හානි සිදුව තිබෙන අතර ගුවන් තොටුපලේ සේවකයින් සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් සන්ධාන හමුදාව  වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 මෙම ප්‍රහාරය අබා ගුවන්තොටුපලේ  සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකර ඇති බවට නිගමනය කරන අතර හවුති ගරිල්ලන් විසින් සිදුකරන ලද යුද අපරාධයක් ලෙස මෙය සෞදි රූපවාහිනිය විසින් වාර්තා කර තිබේ.

ඔබත් සෞදි අරාබියෙ සේවය කරන  ලාංකිකයෙකු නම් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.