ඔබ සිටින්නේ ඕස්ට්‍රේලියාවේද?එන්නත්කරණය ගැන මේ අලුත් තීරණය ඔබටත් වැදගත්

ඔබ සිටින්නේ ඕස්ට්‍රේලියාවේද?එන්නත්කරණය ගැන මේ අලුත් තීරණය ඔබටත් වැදගත්
සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, පළමු සහ දෙවැනි 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලබා ගත් අවුරුදු 18 වැඩි සෑම කෙනකුටම, ප්‍රවර්ධක එන්නතක් එනම් බූස්ටර් එන්නතක් ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව තෙවැනි මාත්‍රාව ලබා දීම නොවැම්බර් පළමු වැනිදා සිටි ආරම්භ කිරීමට නියමිත අතර මෙහිදී තෙවැනි මාත්‍රාවක් ලෙස ප්‍රවර්ධක එන්නතක් ලබා දීම කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරිය බවත් සඳහන්.
 
ඒ අනුව තෙවන මාත්‍රාව ලෙස ප්‍රවර්ධක එන්නත ලෙස ලබා දීමට සුදුසු ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' එන්නත බවයි  ඕස්ට්‍රේලියානු ඖෂධ පරිපාලන නියාමන අධිකාරිය නියමකර ඇත්තේ.
 
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජනගනයෙන් අවුරුදු 16 ට වැඩි සියයට 74 කට පළමු සහ දෙවැනි මාත්‍රා ලබා දීම සිදු කර තිබෙන අතර  එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිස සියයට 87 කි.
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'මොඩර්නා' සහ 'ෆයිසර්' යන එන්නත් වර්ග 03 මෙලෙස ඕස්ට්‍රේලියානු වැසියන්ට ලබා දෙනු ලබයි.
 
කෙසේ වෙතත්  ඕස්ට්‍රේලියාව උත්සාහ ගන්නේ රටේ සියලු දෙනා එන්නත් කර නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කර 'කොවිඩ් 19' වසංගතය සමඟ ජීවත් වීමටයි.