විදේශ අමාත්‍යාංශයෙන් සපයනු ලබන කොන්සියුලර් සේවා පිළිබඳව විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ
විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට වර්තමානයේ දී පැමිණේ. මෙම අංශය විසින් නිලධාරීන්ගේ සම්පූර්ණ ධාරිතාව යොදා ගනිමින් සේවාවන් සපයනු ලබන අතර, එහි පූර්ණ ධාරිතාව තුළින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ පද්ධතිය (e-DAS) හරහා සහතික/ලේඛන සත්‍යාපනය කරනු ලැබේ. තම සත්‍යාපන කටයුතු සඳහා වැඩ කරන දිනවල පෙ.ව. 7.30 සිට ප.ව 1.30 දක්වා කොන්සියුලර් කටයුතු අංශය වෙත පැමිණෙන ලෙස කොන්සියුලර් කටයුතු අංශය සේවා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.
පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සඳහා මෙන්ම කොන්සියුලර් කටයුතු අංශය අසළ මහජන රැස්වීම අවම කිරීම සඳහා, දිගු පෝලිම්වල නොසිට කාල වේලාවක් වෙන් කොට තම සේවා ලබා ගැනීම සඳහා අයදුම්කරුවන්ට පහසුකම් සැලසෙන http://consular.mfa.gov.lk/ONLINEBOOKING සබැඳිය ඔස්සේ මාර්ගගතව වේලාවක් වෙන් කර ගැනීමට සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ.
කොන්සියුලර් සේවා ලබා ගැනීම සඳහා මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය යන නගරවල පිහිටි ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස ද සේවා අපේක්ෂකයන් උනන්දු කෙරේ. පහත තොරතුරු ඔස්සේ එම කාර්යාල සමඟ සම්බන්ධ විය හැකි ය.
විවිධ කොන්සියුලර් සේවා සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත දුරකතන අංක ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ වන්න.
සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය:
