“තානාපති සමඟ කතා කරන්න” ඕමානයේ ලාංකිකයින් වෙනුවෙන් ප්‍රජා සත්කාරයක්

“තානාපති සමඟ කතා කරන්න” ඕමානයේ ලාංකිකයින් වෙනුවෙන් ප්‍රජා සත්කාරයක්

ඕමානයේ විදෙස්ගත ලාංකිකයින් සදහා  “තානාපති සමඟ කතා කරන්න” නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් සමග සම්බන්ධ වීමත් , ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සමඟ සෘජුව කතා කර  සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රජාවට පහසුකම් සැලසීම මෙම සංසදයේ අරමුණ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම සංසදය සෑම මසකම අවසන් බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි දී ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට 80007877 යන ගාස්තු රහිත දුරකථන අංකය මගින් සෘජු ව තනාපතිතුමා ඇමතීමට හැකියාව ලබා දී ඇත. 

 ඒ අනුව “තානාපති සමඟ කතා කරන්න” ලබන 25වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන බවත් , ඒ හා සම්බන්ධවන්නැයි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී