සයිප්‍රසයේ ලක් තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින්ට සිහිපත්කිරීමක්!

සයිප්‍රසයේ ලක් තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින්ට සිහිපත්කිරීමක්!
සයිප්රසයේ දැනට සේවයේ නියුතු 2021 සැප්තැම්බර් පළමුවැනි දිනට ප්රථම මෙහි පැමිණි ඔබ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ ආවරණය සඳහ මෙතෙක් ලියාපදිංචිය නොමැතිව නම් සඳහා 2021.11.15 දින සිට 2021.12.15 දින දක්වා ලියාපදිංචි වීමේ සහන කාලසීමාවක් ප්රකාශයට පත් කර ඇති බව සයිප්‍රසයේ ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එහිදී ලක් තානාපති කාර්යාලය සඳහන්කර ඇත්තේ, ලියාපදිංචිය සඳහා පැමිණීමේදී පහත සඳහන් ලිපිලේඛන සමඟ පැමිණෙන ලෙසයි.
 
1) වලංගු විදේශ ගමන් බලපත්රය
2) වලංගු වීසා බලපත්රය (වීසා බලපත්රය අලුත් කිරීමට භාරදී ඇත්නම් වර්තමාන සයිප්රස් රැකියා ගිවිසුම රැගෙන ඒම ප්රමාණවත් වේ.)
3) වර්තමාන රැකියා ගිවිසුම / රැකියා බලපත්රය හෝ ස්වයං ප්රකාශය (ස්වයං ප්රකාශය පහත දක්වා ඇති අතර මෙම කාර්යාලයෙන්ද එදිනට ලබා ගත හැක.)
ලියාපදිංචි ගාස්තුව Euro 75/-
 
ඉහත අවශ්‍යතා සපුරන්නේ නම් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපදිංචිය ලබාගන්න මෙන් තානාපති කාර්යාලය සිහිපත්කර දෙයි.
 
ඔබගේ පහසුව සඳහා 2021.11.28 ඉරිදා දින ද පෙ.ව.9.00 සිට ප.ව 1.00 දක්වා මෙම කොන්සල් ජෙනරාල් කාර්යාලය විවෘතව තබන බවත් වැඩි දුරටත් දන්වා සිටී.