විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශයෙන් සුබසාදන ප්‍රතිලාබ

විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශයෙන් සුබසාදන ප්‍රතිලාබ
විදේශ රැකියාවක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වුවද, එම ලියාපදිංචි කාල සීමාව දීර්ඝ කර නොගැනීම නිසා එය ඉක්මවීමෙන් බරපතල රෝගී තත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණ නොලබන විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා කාර්යාංශ සේවක සුබසාධක අරමුදල මඟින් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවක් පසුගිය 11 වෙනි දින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
 
කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතුන් මත හා මානුෂීය පදනම මත සලකා සේවක සුබසාධක අරමුදල මඟින් මෙම වන්දි පිරිනැමේ. 

විදේශ රැකියාවක් සඳහා කාර්යාංශයේ ලියාපදිංචි වුවද, එම ලියාපදිංචි කාල සීමාව දීර්ඝ කර නොගැනීම නිසා එය ඉක්මවීමෙන් බරපතල රෝගී තත්වයන්, අනතුරු, හිරිහැර හෝ මරණ වෙනුවෙන් රක්ෂණ ආවරණ නොලබන විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් සදහා කාර්යාංශ සේවක සුබසාධක අරමුදල මගින් මෙම සහන සැලසේ.

මෙහිදී රුපියල් මිලියන 3.5 ක ප්‍රතිලාභ කරදරවලට ලක්වූවන්ගේ යැපෙන්නන් 22 දෙදනෙකු වෙත ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, අධ්‍යක්ෂ පරිපාලන නිමල් තිබ්බුටුමුනුව, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පි. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය, අතිරේක සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුබසාධන තරංග හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුඵ පිරිසක් එක්ව සිටියේ ය.
 
2
 
3
 
4
 
6